hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:16



විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම මගින් වත්මන් රජය බලාපොරොත්තු වූ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සමඟි වනිතා බලවේගයේ රුවන්වැල්ල බලමණ්ඩලය පිහිටුවීමේ උත්සවයට සහභාගි වෙමින්.

වත්මන් රජයට තමන්ගේ ප්‍රමුඛතම රාජකාරිය වී ඇත්තේ මෙම විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ වැඩපිළිවල බවත් ඒ තුළින් මහජනතාවට කිසිදු සෙතක් උදා නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

මේ තුළින් සිදුවන්නේ එක පක්ෂයක් මගින් මලු රටම පාලනය කරන වැඩපිලිවලක් නිර්මාණය වීම බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසුවා.

තවද මේ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙන බවත් නීතියේ ආධිපත්‍යට බරපතළ තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: