hit counter

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි 12, පෙ.ව. 12:30



විෂය භාර ඇමතිනිය ලෙස තමා කොන්දේසි විරහිතව අපයෝජනයට ලක්වූ වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටින බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් පවසයි.

වාර්තා වන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට අදාළ රාජ්‍ය ආයතනවලට ජාතික ජනබලවේග ආණ්ඩුව අවස්ථාව සලසා ඇතැයි ඇමැතිනිය සඳහන් කරයි.

මෙම සිදුවීමේදී තමා පෙනීසිටින්නේ පොලිසිය හෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොවන බව කී ඇය වින්දිත දැරියගේ උපරිම යහපත වෙනුවෙන් කැපවන බව අවධාරණය කරයි.

එහිදී ළමා ආරක්ෂක අධිකාරියට උපරිම මැදිහත්වීම කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයිද නීතිය ක්‍රියාත්මක කරන එම නිලධාරීන් ආරක්ෂා කිරීමට තමා පෙනී සිටින්නේ යැයිද අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවට තමා සහතික වන්නේ යැයිද විෂය භාර සරෝජා පෝල්රාජ් වැඩිදුරටත් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: