hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 02, පෙ.ව. 12:02



එළඹෙන මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු‍ දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වා දීමත් අරමුණු කර ගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: