hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 12:03



ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් පාසලක් නම් කිරීම අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සදහන් කරයි.

එනිසා මහනුවර, කුණ්ඩසාලේ පිහිටා ඇති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රථමික පාසලේ නම ඉවත් කළ යුතු බවත් ඔහුගේ නමින් පාසලක් නම් කිරීම අනුමත කළ නොහැකි බවද සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

ජීවත්ව සිටින පුද්ගලයින්ගේ නමින් පාසලක් නමි කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍යංශය විසින් 1996 වසරේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් එය උල්ලංඝනය කරමින් පාසලක් නම් කර ඇති බවද ජෝසප් ස්ටාලින් මහතා සදහන් කරයි.

ලේකම් ජෝසප් ස්ටාලින් තවදුරටත් සදහන් කළේ,

” කෙහෙළිය සමාජයට වැරදි ආදර්ශයක් දීලා හිරේ ගියා. එබැවින් ඔහුගේ නමින් පාසලක් නම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයින්ගේ නමින් පාසල් නමි කිරීමට එරෙහිව වහා පියවර ගන්නා ලෙස රජයට බලකර සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: