hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 18, ප.ව. 4:05



තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ ලැප් ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට තෙල්දෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එම පාසලේ 53 හැවිරිදි ගුරුවරයෙකු තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 07 හා 09 දිනවල පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස්  නිරුවත් ඡායාරූප පෙන් වූ බවට සිසුවා (15) තෙල්දෙණිය පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබිණි.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා එම පාසලේ 12 හැවිරිදි තවත් සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය ආසළ ඇති කැලෑවකට රැගෙන ගොස් තිබෙන බවත් එම අවස්ථාවේ බිම තිබූ බෝතල් කටුවකට කැපී සිසුවාගේ අතකට මැහුම් තුනක් දමා තිබෙන බවත් ප්‍රකාශ කරමින් එම සිසුවාගේ මව ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ තෙල්දෙණිය පොලීසිය පාසලේ තොරතුරු තාක්ෂණ කාමරයේ ඇති ලැප් ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවකින් පසු අදාළ ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා තෙල්දෙණිය මඩපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අගතියට පත් පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.                                                     

සැකකටයුතු ගුරුවරයා පාසලේ තවත් සිසු සිසුවියන් කටයුතුයි අනර්ථ හෝ අපයෝජන සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.බී පලිහවඩන මහතා ගේ උපදෙස් මත තෙල්දෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: