hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 07, පෙ.ව. 12:14



පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, ‘‘ළමා ආරක්ෂාව පිළිබඳ නිත්‍ය තානාපති වැඩසටහන’’ නමින් හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට කටයුතු කරන බවයි.

ඒ යටතේ ළමා වින්දිතයන් හඳුනාගත හැකි ආකාරය සහ ළමා අපයෝජන අවස්ථාවලදී ශිෂ්‍ය නායකයන් හා නායිකාවන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කෙරෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික සමුළුවක්ද මේ වස රේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: