hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 18, පෙ.ව. 12:06



ලංකා ගුරු සංගමය පවසන්නේ,අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීමද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බවයි, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ලංකා ගුරු සංගමය පවසන්නේ, මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බවයි.

ඉන් අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ දරුවන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවයි, එම සංගමය පෙන්වා දෙන්නේ.ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ වනවිට ආර්ථික ගැටලු හමුවේ පවුල්වල ආදායම් මාර්ගත් බිඳ වැටීමය.

මේ ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය වන්නේ ගොවිතැන් කටයුතු වන නමුත් එයද අසාර්ථක වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.

ගුරු සංගම් පෙන්වා දෙන්නේ මෙම මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන්ගේ ක්‍රියාශීලී තත්ත්වයද හීන වෙමින් ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: