hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 12:04



මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින්.

අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බවද ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නේ මෙම වර්ගීකරණය අනුව පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරු ස්ථාන මාරු සිදු කිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලන තීන්දු තීරණ ගැනීමට වඩාත් පහසු වන බවයි.

මේ සියලු‍ උත්සාහයන් තුළින් අපේක්ෂා කරන්නේ කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කරමින් එක් පොදු ගමන් මගකට යොමු කිරීම බවද අමාත්‍යවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: