hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2024 ජූනි 23, පෙ.ව. 12:02



මෙරට පළාත් සභා යටතේ පවතින පාසල්වල ගුරුවරුන් 8139 දෙනකුගේ හිගයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර, වාර්තා වන්නේ පවතින ඉංග්‍රීසි ගුරු හිගයට විසඳුමක් ලෙස විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්නා බවයි.

එසේ වසර තුනක කාලයක් සඳහා බඳවා ගන්නා බව වාර්තා වෙනවා.

තව ද, දැනට බඳවා ගෙන ඇති සහ ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිත නවක ගුරුවරුන් ගණන 11,048ක් බවට තොරතුරු වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ජාතික පාසල්වලට ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවට ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: