hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 24, ප.ව. 12:27



දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් පළාත් රැසක පාසැල් වල කටයුතු අඩාලවී ඇති බව වාර්තා වේ.

මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශයන්හි පාසැල් රැසක අනධ්‍යයන සේවකයින් නිවාඩු ගැනීම හේතුවෙන් ගුරුවරු මහත් අපහසුතාවයන්ට පත්ව ඇති බව පැවසේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසුවේ අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

එමෙන්ම විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවේ එළැඹෙන 26 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: