2024 ජූලි 06, පෙ.ව. 10:25
වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඔවුන් සේවයට වාර්තා නොකළ දින, නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව පවතින බවයි.
වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් සපිරෙනවා.
මේ අතර රාජ්‍ය සේවයේ රැසකම වෘත්තිකයන් ලබන 9 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙන බව ද වාර්තා වනවා.
ඒ, වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බවයි පැවසෙන්නේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බවයි.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 10:53
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:09
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24