2024 ජූලි 08, පෙ.ව. 12:01
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනා පරිදි, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රධානය මේ මස 12වනදා සිට දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මෙම ශිෂ්‍යත්වය යටතේ උසස් පෙල සිසුන් සඳහා මසකට රුපියල් 6,000 බැගින් වසර දෙකක් සඳහා, එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන සිසුන් 6,000 ක් වෙනුවෙන් මෙම ප්‍රධානය සිදු කිරිමට නියමිතයි.
එමෙන්ම පළමු ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණීය දක්වා සිසුන්හට මසකට රුපියල් 3,000 බැගින් මාස 12 ක කාලයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදුවන බවයි.
2025 ජූලි 02, පෙ.ව. 9:53
2025 ජූලි 02, පෙ.ව. 9:42
2025 ජූලි 02, පෙ.ව. 9:26
2025 ජූලි 02, පෙ.ව. 12:22
2025 ජූලි 02, පෙ.ව. 12:14
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25