hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 30, ප.ව. 12:45



පවතින ආර්ථික අර්බුදය හමුවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම ආර්ථික ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා.

ඒ, ඊයේ (28) ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවති සමුළුවක් අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම මත විශාල පීඩනයකින් ඔබ ඉන්නේ. ඔබේ වෘත්තිමය ගරුත්වය රකින අධ්‍යාපනයක් අපි හදනවා. දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්විය යුතුයි. ආර්ථික අර්බුදයත් සමග එක්වර දෙන්න බැහැ. ක්‍රමානුකූලව ඒ ඉලක්කය වෙත යන්න සැලසුම් තියෙනවා. අපේ අයවැය තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා”.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: