hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:06



2024 වර්ෂයට අදාළව ‘රටවිරු දූ දරු’ ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වේ.

ඒ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

මේ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ පාසල් මට්ටමින් විගමණික ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙස කාර්යාංශය පැවසීය.

මෙම ශිෂ්‍යත්වය සඳහා www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර ගැනීමේ හැකියාව පවති.

එමෙන්ම, මේ පිළිබද වැඩිදුර විස්තර 0112 365 471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සඳහා පමණක් විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ය.

එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබයි.

ඒ අනුව, රුපියල් 25,000 ක් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටද, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ට මෙන්ම රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනැමීමක් සිදුකරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: