hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:05



පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීමට සහ මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තු දෙකක් හෙට (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව අනතුරුව එදින පෙරවරු 10.30 සිට පස්වරු 02 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය ඊට පසුදින ද (18) පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ සතියේදී පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කියා සිටියා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: