hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 15, ප.ව. 1:58



කිසියම් විෂ ද්‍රව්‍යක් මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් 06 දෙනෙකු රෝහල් ගතකර තිබෙන පුවතක් වාර්තා වනවා.

නාරම්මල පොලීසිය පැවසුවේ, අදාළ සිසුවියන් ඊයේ (14) මෙලෙස රෝහල් ගතකර ඇති බවයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් වන අතර, එක් සිසුවියක් විසින් ඇය සමඟ අමනාප තවත් සිසුවියන් කිහිප දෙනෙකුගේ වතුර බෝතල්වලට මෙලෙස වල් නාශක මිශ්‍ර කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස විෂ ද්‍රව්‍යය මිශ්‍ර කළ සිසුවිය ද එම වතුර පානය කර ඇති අතර, ඇය ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ, මෙම සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

අදාළ පාසලේ ශිෂ්‍ය නායක තනතරු සඳහා ඇති වී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: