hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 4:12



පාසලක එක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට සූදානමක් ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ සිසුන් ඇතුළත් කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ලැබෙන අයුරින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි.

පාසලක පන්ති කාමරයක සිටින සිසුන් ගණන අධිකරණ නියෝගයක් මත සීමා කර ඇතත් එම සීමාව ඉක්මවා යමින් සිසුන් ඇතුළත් කිරීමට මෙමගින් අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය ලැබෙන බවයි.

අධිකරණ නියෝගයකින් 2016 වසරේ සිට පන්ති කාමරයක උපරිම සිසුන් 35කට සීමා කර ඇති බවත් නව කැබිනට් පත්‍රිකාව මගින් එම අධිකරණ නියෝගයද උල්ලංඝනය කරන බවත් ඔහු චෝදනා කරයි.

මේ හරහා ජනප්‍රිය පාසල් වල පන්ති කාමරවල දැඩි තදබදයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවත් ඒ මහතා  පෙන්වා  දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: