hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:25



2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කර 2030 වසර වන විට සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බවට තීරණය කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළා.

ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බවයි.

එය අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: