hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2022 ජූලි 19, ප.ව. 5:09



21 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන 25 වන සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.