hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 ජූලි 30, පෙ.ව. 12:06



කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිදි වැව්වල සීමා ලකුණු කිරීම් සිදු කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර පවසයි.

ඒ අනුව, සීමා ලකුණු කර ඇති ප්‍රදේශයේ ආණ්ඩුකාර නිල නිවාස, මහ ඇමති නිල නිවාස මෙන්ම රාජ්‍ය ආයතන ද පවතින බවත්, එම සියල්ලටම නීතිය පොදු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සීමා ලකුණු කිරීම් සිදු කළ ද, හෙට අනිද්දා ඉවත් කිරීම් සිදු නොකරන බවත්, සාවධානව සලකා බලා, හානි සිදු නොවන ලෙස එම කටයුතු ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.

ජනතාව පීඩාවට පත්කරන කිසිදු වැඩසටහනක් තම රජය සිදු නොකරන බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: