hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 12, පෙ.ව. 11:27



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් වීජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

අල්ලස් කොමිසම සහ සැකකරු ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇත.

කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා, විදේශගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියම කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: