hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 8:13



පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම රඳවා ගැනීම සිදු කර ඇත්තේ එය ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාදයක් මිස රේගුවේ ප්‍රමාදයක් නිසා නොවන බවයි.

අදාළ උපකරණ ආනයනය කර රේගුව මගින් රඳවා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කිරීම පිළිබඳ සිය ස්තුතිය පුද කළ අමාත්‍යවරයා කියා සිටියේ වහාම එම භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කළ බවයි.

මෙවැනි ආනයනය දී එය පිළිකා රෝහල වෙනුවෙන් සිදු කළ ආනයනයක් බවට ලිඛිතව රේගුව වෙත දැනුම් දිය යුතු බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාළ ලිපිය නිකුත් කළ වහාම උපකරණ මුදා හැරි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: