hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:04



අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් කෙරෙහි රජය විමසිල්ලෙන් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ එම සමාගම්වල ක්‍රියාකාරකම් නියාමනය සඳහා බව ඒ මහතා පැවසුවා.

මේ යටතේ පීඩාවට පත් ජනතාව කෙරෙහි දැඩි අවධානය යොමු කර ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ බහුල ලෙස ප්‍රචලිත වෙමින් පවතින මාර්ග ගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන නියාමනයට යටත් කරන ආකාරය පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇති බව ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: