2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22කට අධික ණය මුදලකින්, ඩොලර් මිලියන 2.5ක වාරිකයක් පියවීමේදී සිදුවූ සයිබර් අපරාධයක් හේතුවෙන් එම මුදල් තෙවන පාර්ශවයක ගිණුමකට බැර වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා අනාවරණය කරයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම ණය මුදල පියවීම සඳහා යවන ලද ඊමේල් පණිවිඩය අතරමගදී සයිබර් අපරාධකරුවෙකුගේ (Hacker) ග්‍රහණයට පත්ව ඇති බවයි.
එහිදී අදාළ අපරාධකරු විසින් ඊමේල් පණිවිඩයේ තිබූ ගිණුම් අංක වෙනස් කර, මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බව හෙළි වී තිබේ.
මෙවැනි සයිබර් අපරාධ ඕනෑම රාජ්‍යයකට සිදුවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය දැනටමත් අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නසිරි මහතා, විපක්ෂය මෙම සිදුවීම රජය විසින් සිදුකළ වංචාවක් හෝ හොරකමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.
“විපක්ෂය හැමවෙලේම බලාගෙන ඉන්නේ අපි හොරකම් කළා, වංචා කළා කියලා කියන්න. නමුත් මෙය සයිබර් අපරාධයක්,” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26