hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 10:42



2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024 මාර්තු, අප්‍රේල් පැවැත්වීමට සැලසුම් කරලා තියෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේ දී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේ දී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එසේ වුවහොත් 2024 උසස් පෙළ දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල්යනු ඇත. ඒ අනුව දැනටමත් අධ්‍යාපන පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන පසුබෑම නිවැරදි කරගැනීම තවදුරටත් පමාවනු ඇත. පාසල් විභාග අක්‍රමවත් වීමෙන් පාසල් කාලසටහන් ද ප්‍රමාද වීමට ඉඩඇත. ඒ අනුව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනීම ද දින කිහිපයක් කල්යනු ඇත. උසස් පෙළ ප්‍රමාද කිරීමෙන් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් යම් කාලයක් රැඳී සිටිම හේතුවෙන් පන්ති කාමර ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ප්‍රමාද වේ.  “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: