2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:02
පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ,දරුවන් දේශපාලනයට යොදා ගැනීම සම්පූර්ණ වරදක් බව ත් මැතිවරණ ලාංඡන නම් කර කතිරෙ ගහන්න කියන පණිවිඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටිනා බව වර්තා වී තිබෙන බව ත් ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිතිවලට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර දරුවන් දේශපාලනයට යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව ය.
මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ, දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක් බව ය.
මේ අනුව, පාසල් සිසුන් යොදවා ගෙන දේශපාලන ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් පේන්නෙ ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අපි කිසිසේත් ම එකට ඉඩ තියන්නේ නැහැ. යම් කෙනෙක් දරුවෝ දේශපාලනයට යොදාගන්නා බව අමාත්‍යාංශයට වාර්තා වූ වහා ම පරීක්ෂණයක් කරනවා. දැඩි පියවර ගන්නා බව ය.
අපි මේ සම්බන්ධයෙන් දන්වා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගැන ඔය තරම් සහතිකයි නම් දරුවන්ව ඡන්ද ව්‍යාපාරවලට යොදා ගන්නේ ඇයි ද? කියා මම අසන්නට කැමති යැයි ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
2025 ජනවාරි 03, පෙ.ව. 12:18
2025 ජනවාරි 03, පෙ.ව. 12:13
2025 ජනවාරි 03, පෙ.ව. 12:10
2025 ජනවාරි 03, පෙ.ව. 12:09
2025 ජනවාරි 03, පෙ.ව. 12:07
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25