2022 ජූලි 14, පෙ.ව. 9:59
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ (13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය, ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ සහ පොල්දූව මංසන්ධිය ආසන්නයේ ඊයේ (13) දින ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූවන් අතර යුද හමුදාවේ සෙබළෙක්, පොලිසියේ දෙදෙනෙක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:34
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 10, පෙ.ව. 12:18