2026 ජූලි 07, ප.ව. 12:25
පසුගිය රජයන් කෝටි ප්‍රකෝටි ගණනින් විදේශ ණය ලබා ගනිමින් අධිවේගී මාර්ග ඉදිකළ ද, වත්මන් රජය ජනතාවගෙන් සාධාරණ ලෙස අය කරගන්නා බදු මුදල් යොදවා රටට අවශ්‍ය මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් සිටින බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය පාලන සමයන්හිදී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි ලෙස බදු අය කර නොගැනීම හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වූ බවයි.
විශේෂයෙන්ම දයා ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඇලෝසියස් වැනි ව්‍යාපාරිකයන්ගෙන් අය විය යුතු රුපියල් කෝටි ගණනාවක බදු මුදල් අය කර ගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
“එදා පාලකයෝ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට බදු සහන දෙමින් රට ණය උගුලක හිර කළා. නමුත් අපි අද කරන්නේ ඒ පැහැර හරින ලද බදු මුදල් නිසි ලෙස රජයට අය කරගෙන, එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීමයි. රඹුක්කන සිට කුරුණෑගල දක්වා සහ කොළඹ සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගවල වැඩකටයුතු අප ආරම්භ කළේ දේශීය අරමුදල් භාවිතයෙන්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Geographic Reference
2029 වසරේ අවසාන භාගය වන විට අධිවේගී මාර්ග පද්ධතිය දඹුල්ල දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, මෙම සියලු සංවර්ධන කටයුතු විදේශයන්ට ණය නොවී දේශීය ශක්තියෙන් නිම කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී අවධාරණය කළේය.
2026 ජූලි 07, ප.ව. 12:30
2026 ජූලි 07, පෙ.ව. 11:07
2026 ජූලි 07, පෙ.ව. 10:34
2026 ජූලි 07, පෙ.ව. 10:27
2026 ජූලි 07, පෙ.ව. 12:37
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26