hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 12:13



මේ වන විට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇති බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා.

බස්නාහිර පළාතේ 7000ක් පමණ පිරිසක්ද, උතුරුමැද පළාතේ 3800ක්ද, නැගෙනහිර පළාතේ 3698ක්ද, දකුණු පළාතේ 3199ක් සහ මධ්‍යම පළාතේ 6200ක පමණ ගුරු හිඟයක්ද ඇති බව සඳහන්.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවාගත් 2200ක පමණ පිරිසක් තවමත් විධිමත් ලෙස ස්ථානගත කර නොමැති අතර, මෙම තත්ත්වය යටතේ ඉදිරි පාසල් වාරය ආරම්භ වන විට සිසුන්ට විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන බවයි වාර්තා වන්නේ.

රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවද ඔහු සඳහන් කළා.

අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා තබා 2024 වසර සඳහා ජාතික පාසල්වලට ස්ථානමාරු අයැදුම්පත්‍ර ලබා දීමට හෝ මෙතෙක් පියවර ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: