hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2024 ජූනි 13, ප.ව. 7:30



ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ජුලි මස 03 වැනිදා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශ කරනවා.

ඒ, අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, විදේශ භාෂා ඇතුළු විෂයයන් සඳහා ගුරුවරුන් 2100ක් බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අමතරව 2021 ඉංග්‍රීසි මාධ්‍ය උසස් ඩිප්ලෝමා විභාගයේ ප්‍රතිඵල මත ගුරුවරුන් 500 දෙනෙකු පත් කරන බවද අමාත්‍යවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මෙම පත්වීම් මගින් ජාතික පාසල්වල පවතින ගුරු හිඟ ප්‍රශ්නය සැලකිය යුතු ලෙස අඩුවන බවයි.

ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය තවදුරටත් පියවා ගැනීම සඳහා විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන්ට කොන්ත්‍රාත් පදනම මත රැකියා සඳහා ඉල්ලුම් කරන ලෙස ආරාධනා කරන බවද ඇමැතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: