hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 9:20



මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඔවුන් එක් එක් රටවල් සදහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුල සිදු කර ඇති සමීක්ෂණ වල දත්ත සන්සන්දනය කර ශ්‍රී ලංකාව සදහා 2016 වසරේ කරන ලද ජනවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එනම් කෘෂ බව 15% සැලැකිල්ලට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා.

නමුත් 2021 අග භාගයේ වෛද්‍ය පර්යේෂණ ආයතය මගින් සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව  සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමග දරුවන් මරණයට පත්වීමේ සහ රෝග වලට බදුන්වීමේ අවධානමක්  මෙරට දන්නට නොලැබෙන බවත් මැරමස්, ක්වොශියොකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ද දක්නට නොලැබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණූ අනාවරණය වුණා.

යුනිසෙෆ් ආයතනය මෑතක දී මෙරට මන්දපෝෂණය වැඩිවී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය එය පිළීගැනීමට හෝ එකගත්වයට පත්වන්නේ නැතැයිද ලේකම්වරයා පැවසුවා.

දරුවන්ගේ මන්දපෝෂණයට බලපාන ප්‍රධාන සාධක තුනක් වන මිටිබව, කෘෂබව, උසට සරිලන බර යන ප්‍රධාන සාධක 03 සළකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවත්, යුනිසෙෆ් ආයතනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතා පැරණි කාල පරාසයක් තුල ඇතැම් දත්ත බවද හෙතෙම ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සියළු දත්ත පිළිබද විශ්ලේෂණය කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාව ඉතා විශිෂ්ට අයුරින් සිදු  කරන බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටම දක්වා විහිදී යන සෞඛ්‍ය ජාලයක් ශ්‍රී ලංකාව සතුව ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී පැවසුවා.

එම ජාලය සමග එක්ව සෞඛ්‍ය දත්ත එක්රැස් කර විධිමත්ව පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා මෙම දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මේ පිළිබදව මෑතක දී යුනිසෙෆ් ආයතනයේ ප්‍රධානියාට කරුණු පැහැදිලි කර දැනුවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත් බවද ලේකම්වරයා ප්‍රකාශ කළ අතර ආහාරවල සුරක්ෂිතතාව ඇති කිරිම සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග පෝෂණ සුරක්ෂිතතා වැඩසටහනක් හදිසි පෝෂණ සැළැස්ම යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කොට ඇති බවත්, පෝෂණ අංශයත් මහජන සෞඛ්‍ය අංශයත් එක්ව ජුලි මාසය වන විට එම පෝෂණ සැළැස්ම සකස් කර ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාරවල හිගතාවයට මුහුණ දීමට ඊට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් කියා සිටියා. 

ඉදිරියේ දී එවන් තත්ත්වයක් ඇති නොවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ වගකීමෙන් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: