hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 11:04



මාධ්‍ය මගින් සිදු සිදු කරන ලද යම් යම් පළ කිරීම හේතුවෙන් ඒ තම සේවාදායිකාව වන තිලිණි ප්‍රියමාලිට අගතිදායක වන බැවින් ඒ සම්බන්ධව යම්කිසි නියෝගයක් ලබා දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ ඊයේ (02) ඉල්ලා සිටියා.

කෝටිපති ව්‍යාපාරිකයන් ගේ මූල්‍ය වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි යන අයට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිඥවරුන් මෙලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එහිදී මාධ්‍ය මගින් පළ කිරීමට අවශ්‍ය හා පළ නොකළ යුතු දෑ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග ලබා දීමට නොහැකි බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියා.

සැකකාර තිලිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥ දසුන් නාගසේන, නීතීඥ රකිත රාජපක්ෂ, නීතීඥ සෞම්‍ය හෙට්ටිආරච්චි හා නීතිඥ ඉන්දික ප්‍රේමතිලක යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: