2026 ජූලි 16, පෙ.ව. 12:06
වත්මන් රටේ පවතින දැඩි ශ්‍රම හිඟය හේතුවෙන්, මෙම වසර අවසානයේ ලබන වසර ආරම්භ වන විට වෙල්ඩින් කාර්මිකයන් වැනි වෘත්තීන් සඳහා පමණක් විදේශීය ශ්‍රමිකයන් 10,000කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
අද වන විට රට තුළ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දේශීය ශ්‍රම වෙළඳපොළ තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,
“ගමකට ගියපුවහම බාස් කෙනෙක් හොයන්න හරි අමාරියි. ඒ තරම් වැඩ පටන් අරන් තියෙන්නේ. අවුරුද්ද අවසන් වෙලා ලබන අවුරුද පටන් ගන්නකොට වෙල්ඩින් බාස්ලා වගේ වෘත්තීන් සඳහා 10000ට වඩා වැඩි ප්‍රමාණයක් පිටරටින් ගේන තත්ත්වයට පත්වෙලා. ඒ තරම් වේගවත් සංවර්ධනයක් අත්පත් කරගෙන තියෙන්නේ. කවුරු මොනව කිව්වත් ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල අභිබවා අපි තමයි දැන් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන රට.”
2026 ජූලි 17, පෙ.ව. 12:29
2026 ජූලි 17, පෙ.ව. 12:26
2026 ජූලි 17, පෙ.ව. 12:20
2026 ජූලි 17, පෙ.ව. 12:19
2026 ජූලි 17, පෙ.ව. 12:17
17-07-26
17-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26