hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 15, ප.ව. 5:39



ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව කොළඹ බලා පිටත්වන මගීන්ගේ ගමන් පහසුව උදෙසා බස් ගමන්වාර යෙදවීමට කටයුතුකර තිබෙනවා.

මෙයට සමගාමිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද ගමන් වාර කිහිපයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මගී ඉල්ලුම අනුව මෙම කාල අන්තර අඩු හෝ වැඩි කරමින් උදෑසන 5.00 පමණ සිට අන්තර් පළාත් බස් රථ හෝ පළාත් ප්‍රවාහන අධිකාරීන් මගින් පාලනය වන වෙනත් බස් රථ යොදවා අදාළ සේවාවන් සපයන ලෙස ජාතික ප්‍රවාහන අමාත්‍යංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට, ශ්‍රී ලංගමට, හා පළාත් ප්‍රවාහන අධිකාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ප්‍රවාහන සැලැස්ම අප්‍රේල් 17 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: