hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 12:14



සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති සහ පෞද්ගලික පාසල් මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහාය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කර ඇත.

මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබාදෙන ලෙසත් ඒ සඳහා සාධනීය ගෙවීමක් කරන ලෙසත් ඒ අනුව ඊට අවශ්‍ය සියලු සහාය සහ අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ සදහන් කරයි.

තවද සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව නිකුත් කළ නිර්දේශයේ සදහන් වේ.

එම ආයතන උපයන සැබෑ ආදායමේ තොරතුරු ලබා ගැනීම අභියෝගාත්මක විය හැකි නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව ප්‍රශ්නාවලියක් මගින් එම තොරතුරු ලබා ගැනීමට හැකි බවද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: