hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 03, පෙ.ව. 12:04



ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු සැකසෙමින් පවතින බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම ගිවිසුම යටතේ තුර්කි අභ්‍යවකාශ ආයතනයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා සහභාගී වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට හිමිවනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: