hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:02



රටක අගනුවර එම රටෙහි මැද තිබිය යුතු බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා පවසනවා.

මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඒ මහතා‌ කියාසිටියේ, තමන් ද මෙවර මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් ඉදිරිපත් වන බවයි.

“රටක අගනුවර තියෙන්න ඕනෑ මුහුද අයිනේ නෙවෙයි වරාය මුල්ලේ නෙවෙයි රටක අගනුවර තියෙන්න ඕනෑ ඒක තමයි ප්‍රතාපවත් බව රුසියාවේ මොස්කව් තියෙන්නේ රට මැද්දේ එංගලන්තයේ ලන්ඩන් තියෙන්නේ රට මැද්දේ ඉන්දියාවේ දිල්ලි තියෙන්නේ රට මැද්දේ එහෙනම් අපි තේරුම් ගන්න ඕනෑ මේ දේශපාලන ගමන පටන් අරගෙන වෙනස කරන්න ඕනෑ කොහෙන්ද කියලා.

මම ලංකාවටම දේශපාලනය කරන කෙනෙක් හැබැයි මම විශ්වාස කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කය රාජධානි කිහිපයක්ම තිබුණු දිස්ත්‍රික්කයක් ඒ වගේම කාරණයක් මම කියන්න ඕනෑ ගොඩක් දුරට දේශපාලනය කරන්න ඕනෑ අපි උපන් තැන එහෙම නැත්නම් අපේ තාත්තලා හිටපු තැනින් කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා.

හැබැයි මම විශ්වාස කරනවා දැක්මක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ රාජධානි ආරම්භ වෙලා කුරුණෑගලට ඇවිල්ලා කෝට්ටේ දක්වාම විතන් වෙච්ච හේතුව. මේ ආපු ආක්‍රමණත් එක්ක සුද්දා මේ රට ගත්තට පස්සේ මුහුද අයිනේ වගුරේ හැදුවා රාජධානිය ඒ තමයි කොළඹ මම මේ කොළඹට විරුද්ධව කතා කරනවා නෙවෙයි.

හැබැයි මම විශ්වාස කරනවා කවදා හරි දවසක මේ රටේ මහ පොළව තේරුම් ගත්ත දේශපාලන ව්‍යාපාරයක් මේ වෙනකොට අපට අවශ්‍යයි අපි නැවත උරුමයට අඩිය තියන්න ඕනෑ අන්න ඒ දේ කරන්න තමයි මේ දෙවන පරපුර ඇවිත් ඉන්නේ.

ලංකාවේ ජනතාව දශක කිහිපයක සිටම රටට සහනයක් හෙව්වා රටට වෙනසක් හෙව්වා මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් තට්ටු මාරු දේශපාලනයෙන් එළියේ පක්ෂ පාටවලින් එළියේ අලුත් ලාංකීය මිනිසෙක් අලුත් මනුස්සයෙක් හෙව්වා අන්න ඒ දේශපාලනය තමයි අපි මේ බිමට ගෙනත් තියෙන්නේ ජනතාවාදී අලුත් උගත් හදවත තියෙන ආදරය කරන්න පුළුවන් මානව දයාවක් තියෙන මිනිසෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ අපි විශ්වාස කරනවා.

ජනතාව මේ ප්‍රතික්ෂේප කරමින් යන්නේ අවුරුදු හැත්තෑ ගානක් අපි ආපු ජරාජීරණ වැරදි දේශපාලන ගමනයි. ඒ තුලින් ජනතාව ඉල්ලන්නේ හොද මිනිස්සු ටිකක්, මානව හිතවාදි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න කියලයි.

අනෙකාගේ දුක හඳුනන මේ පහල බීමේ ඉන්න මිනිසාගේ පටන් ඉහල උඩ ඉන්න මිනිසා දක්වාම එක ලෙස හිතන්න පුළුවන් මානව හිතවාදි මිනිස්සු ටිකක් තමයි ජනතාවගේ බලාපොරොත්තුව අන්න ඒ වාගේ මිනිස්සු ටිකක් අරගෙන තමයි අපි දෙවන පරපුර දේශපාලනයට ඇවිත් ඉන්නේ මෙතන නිල් කොල රතු දම් කියන පක්ෂවල අය නැහැ ලාංකීය මාවතක රටට ආදරය කරන මානව දයාවක් හදවත තුල තියෙන හොඳ මිනිස්සු ටිකක් මේ පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: