2025 අප්‍රේල් 24, පෙ.ව. 12:07
අමාත්‍යවරුන්ට රජයෙන් ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට අමතරව ඇමතිවරුන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද ලීටර් 700 ක් දක්වා සීමා කිරීමටද පියවර ගෙන තිබෙනවා.
මින් පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබා දුන් අතර ඒ සඳහා මාසිකව ඉන්ධන ලීටර් 2,250 ක් හිමි වුණා.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරුන්ට ද හිමිවන්නේ කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද පමණක් වන බැවින් අදාළ චක්‍රලේඛයට අනුකූලව හිටපු ජනාධිපතිවරුන්ටද රජයේ වාහන දෙකක් පමණක් තබාගෙන ඉතිරි ඒවා නැවත භාරදීමට සිදුවනු ඇති බවද වාර්තා වෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:16
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:12
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:06
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25