hit counter

2024 සැප්‍තැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ජූනි 18, පෙ.ව. 12:05



මංතීරු නීතිය උල්ලංඝණය කිරීම, මාර්ග සංඥා නොපිළිපැදීම, තහනම් ස්ථානවල වාහන නැවැත්වීම සහ මාර්ග සංඥාවල රතු ලාම්පු නොතකා රිය ධාවනය කිරීම වැනි මාර්ග නීති කඩ කිරීම් CCTV කැමරා මගින් නිරීක්ෂණය කළ බව නියෝජ්‍ය පොලිස්පති සී.සී.ටී.වී. දිසාව භාර තුෂාර ගම්ලත් සදහන් කරයි.

ඒ අනුව කොළඹ නගරයේ CCTV පද්ධතිය හරහා හඳුනා ගත් මාර්ග නීති කඩ කළ රියැදුරන් 4,500කට අධික පිරිසකට රථ වාහන දඩ නියම කර ඇති බවත් අදාළ දඩ පත්‍රිකා රියැදුරන්ට ලබාදීම සඳහා රථ වාහන අංශයේ CCTV කැමරා මගින් ලබාගත් වීඩියෝ සාක්ෂි පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති බවද සදහන් කරයි.

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV කැමරා 106න් බොරැල්ල, නාරාහේන්පිට ඇතුළු ප්‍රධාන මංසන්ධි 33ක මාර්ග නීති කඩ කරන රියැදුරන් හඳුනා ගැනීමේ අරමුණින් පොලිසිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් මාර්ග නීති කඩ කිරීම්, කහ ඉර මැද වාහන නතර කිරීම, අනවශ්‍ය ලෙස මාර්ග හරස් කිරීම් සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබෙන බව තුෂාර ගම්ලත් සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: