hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, ප.ව. 2:22



මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

එවැනි අධික දුම් පිටකරමින් ගමන් ගන්නා වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

දසුන් ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට ඇතැම් පිරිස් කටයුතු කළද,එවැනි වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කිරීමට කටයුතු කරනා බවයි.

එවැනි පරීක්ෂා කිරීමකදී, අධික දුමක් පිටවන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව තහනම් නියෝගයක් රථයට නිකුත් කරනා බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: