hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 26, පෙ.ව. 12:02



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමය (CASMCE) අතර හමුවක් ඊයේ (25) දින අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී පුනර්ජනනීය බලශක්ති, වාහන නිෂ්පාදන, කෘෂි තාක්ෂණ, කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීම හා වෙළඳ ආයෝජන පිළිබඳව අවධාණය යොමු වී ඇත.

අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කිරීම පිළිබඳව චීන ජනතාව ඉතා සතුටට පත්ව ඇති බව CASMCE සංගමයේ සභාපති රෙන් සිංග්ලේ (REN XINGLEI) මෙහිදී ප්‍රකාශ කර ඇති අතර එම සංචාරය පිළිබඳව ස්තුතිය ද පළකර තිබෙනවා.

CASMCE සංගමයේ උපසභාපති සු සියෑන්ග් (XU XIANG) මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙරට සූර්ය බල ශක්තිය සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම සඳහා ආයෝජනය කිරීමට හැකියාව පවතින බවයි.

උසස් ප්‍රමිතියෙන් යුතු කුරුඳු චීනයට අපනයනය කිරීමේ හැකියාව ඇති බවත් ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ හැකියාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක හා චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුළු චීන ව්‍යවසායකයින් රැසක් හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත අමාත්‍යාංශයේල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: