2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට රජය සුබවාදී ප්‍රතිචාර ලබා දී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අවශ්‍ය මුදල් වෙන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී ඇති අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද වාහන ආනයනය සඳහා අවසර ලබා දී ඇති බවයි.
එබැවින් වෙන්කර ඇති සීමිත මුදල් සඳහා වඩා හොඳ කළමනාකරණයක් අවශ්‍ය වන අතර සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වාහන ආනයනය කළ යුතු බවත් ඔවුන්ට සාධාරණ මිලට වාහන මිලදී ගත හැකි බව සහතික කළ යුතු බවත් මෙරිංචිගේ පෙන්වාදෙයි.
ඔහු සඳහන් කරන්නේ මේ සඳහා මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සම සංගමය සැලසුම් කර තිබෙන බවයි.
පළපුරුදු වාහන ආනයනකරුවන් සමඟ නිසිලෙස සාකච්ඡා උපදේශන නොකිරීම හේතුවෙන් පසුගිය රජයන් විසින් රටේ මුදල් අවභාවිත කළ බව ද මෙරිංචිගේ වැඩිදුරටත් පවසයි.
රට තුළ වාහන ආනයනකරුවන් 600ක් පමණ සිටින බවත් වාහන ආනයනයෙන් ආනයනකරුවන්ට මෙන්ම මහජනතාවටද ප්රතිලාභ ලැබිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
වාහන ආනයනය කිරීම මිල ස්ථායි කිරීමට සහ රට තුළ පවතින පාවිච්චි කරන ලද වාහන වෙළඳපොළ පවත්වාගෙන යෑම සඳහා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සහාය වනු ඇති බව මෙරිංචිගේ වැඩිදුරටත් සඳහන් කරයි.
මෙලෙස වාහනය ආනයනය කිරීමට අවසරය හිමි වන්නේ වසර 5කට පසුවයි.
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:04
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24