2026 අප්‍රේල් 17, ප.ව. 6:00
ගල්අඟුරු ආනයනයට අදාළව සිදුව ඇතැයි කියන ඕනෑම අක්‍රමිකතාවක් හෝ දූෂණයක් පිළිබඳ තොරතුරු, දත්ත හෝ සාක්ෂි මහජනතාව සතු වන්නේ නම්, ඒවා අලුතින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා අද (17) මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙම විමර්ශන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි බවත් ඔහු අවධාරණය කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, නොරච්චෝලේ බලාගාරය ආරම්භ කළ 2009 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද සියලුම ගල්අඟුරු නැව් සහ ඒ ආශ්‍රිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මෙම කොමිසම හරහා විමර්ශනය කෙරෙන බවයි.
“නොරච්චෝලේ බලාගාරය වෙනුවෙන් මේ දක්වා නැව් 465ක් පමණ ආනයනය කර තිබෙනවා. මීට පෙර පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය වැනි හිටපු අමාත්‍යවරුන් පවා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණා ගල්අඟුරු ආනයනයේදී වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බව. ඒ නිසා 2009 සිට මේ දක්වා වූ සම්පූර්ණ කාලයම ආවරණය වන පරිදි විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමේ වගකීමයි.”
එමෙන්ම විගණන පරීක්ෂණ, කෝප් කමිටු විමර්ශන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණවලටත් වඩා එහා ගිය, මහජනතාවට සෘජුව සම්බන්ධ විය හැකි විවෘත යාන්ත්‍රණයක් අවශ්‍ය වූ බැවින් 1978 අංක 04 දරන පනත යටතේ මෙම විශේෂ ජනාධිපති කොමිසම පත් කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම මාස 6ක් ඇතුළත සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර වත්මන් රජය යටතේ සිදු වූ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සෘජුව වංචාවකට සම්බන්ධ බවට විශ්වාසභංගයේදී හෝ විගණන වාර්තාවලින් මෙතෙක් තහවුරු වී නොමැති බව පැවසූ විජිත හේරත් මහතා, අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වූයේ මෙම කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය තහවුරු කිරීමට බව පෙන්වාදෙනවා.
මෙම කොමිසමේ නිර්දේශ මත පදනම්ව ඕනෑම තරාතිරමක වැරදිකරුවෙකුට එරෙහිව රටේ නීතිය අනුව ක්‍රියා කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරනය කළා.
අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් මගින් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාවට වගකියන ආණ්ඩුවක් ලෙස දූෂණය සහ වංචාව මුළුමනින්ම තුරන් කිරීමට රජය කැපවී සිටින බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:15
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26