hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 07, පෙ.ව. 12:04



පළපුරුදු කට්ටිය අනලා ගිය විදේශ ගමන් බලපත්‍ර ගැටළුව, පළපුරුද්දක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඇතුළු තිදෙනාගේ කැබිනට්ටුව විසින් විසදා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මුලින්ම අධිකරණ නියෝග මත නැවතී තිබූ විදේශ ගමන් බලපත්‍ර ගෙන්වීමේ අර්බුදය විසඳා ගත් බවත්, මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ පෝලිම අඩු කිරීම සඳහා මාර්ග ගත ක්‍රමවේදය සකස් කර එම ගැටළුව ද විසඳා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් විජිත හේරත් මහතා කියා සිටියේ එම ක්‍රමවේදය 05 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බවයි.

අවශ්‍යතාවයට සරිලන ලෙස හිස් ගමන් බලපත්‍ර එකවර ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද, ඒවා ලැබෙන්නේ කොටස් වශයෙන් බව ඔහු කියා සිටියා.

එමෙන්ම එලෙස එකවර ගෙන්වා ගත නොහැක්කේ පෙර රජය සහ සැපයුම්කරු අතර ඇති කරගෙන තිබූ එකඟතාවයක් හේතුවෙන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී 50,000ක්, නොවැම්බර් අගවන විට තවත් ලක්ෂයක්, දෙසැම්බර් අග තවත් ලක්ෂයක් ලෙස මෙම හිස් ගමන් බලපත්‍ර ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ටෙන්ඩරය ප්‍රදානය කරන විට ඉල්ලුම් කළ පාස්පෝට් 750,000ම එකවර ගෙන්වා ගැනීමට අදාල සමාගම සම‍ග එකඟතාවයකට පැමිණ නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාවට ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට අපහසු තත්ත්වයක් මතු වූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා,

“හදිසි අවශ්‍යතා කියන වර්ගීකරණය යටතේ බොහෝ අය ඉල්ලුම් කර තියෙනවා.. සාමාන්‍ය ක්‍රමවේදය යටතේත් ඔන්ලයින් හරහා දැන් බොහෝ පිරිසක් මේ පැය කිහිපය තුළ ඉල්ලුම් කරලා තියෙනවා.. අද අර තිබුණු පෝලීම නැහැ.. දැන් මේ නොවැම්බර් මාසය සඳහා පාස්පෝට් ලබාදීම කලින් දින නියමකර ගත් ඒ කියන්නේ ටෝකන් එක ලබාගත් ආකාරයටම නිසි පරිදි දෙපාර්තමේන්තුව හරහා ඒවා ලබාදෙනවා.. අලුතෙන් ඇණවුම් කරන අයට දිනයක් හා වෙලාවක් වෙන් කර ගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය හරහා පුලුවන්.. එය අද සිට ක්‍රියාත්මක වෙනවා.. දැන් ඒ තත්ත්වයට අදාළ විසඳුම් අපි ලබාදීලා තියෙනවා..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: