hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි 16, පෙ.ව. 12:22



රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට වත්මන් රජය කටයුතු කළ බවත්, මීට පෙර කිසිදු අවස්ථාවක එවැනි පියවරක් ගෙන තිබේද යන්න තමා ප්‍රශ්න කරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම, විපක්ෂය ගල් අඟුරු කොමිෂන් සභාව හමුවට පැමිණෙන බවක් පෙනෙන්නට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එතුමා සඳහන් කළේ කිසියමි හෝ අපරාධයකට සම්බන්ධ වූවන් පිළිබඳ විමර්ශන සිදුවන අවස්ථාවකදී සාක්ෂි ලබාදීම සහ අනෙකුත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සිදු විය යුත්තේ අධිකරණය හෝ අදාළ නීතිමය රාමුව තුළ බවත් ඒ අනුව විපක්ෂය විවිධ ප්‍රකාශ නිකුත් කරමින් නොසිට තොරතුරු දන්නේ නම් අදාළ ආයතන වෙත ගොස් ප්‍රකාශ ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: