hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2026 ජූලි 30, පෙ.ව. 12:06



රටක් ලෙස එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට සූදානම් බවත් මහ කන්නයේ වගා කටයුතු ඔක්තෝබර් මුල ආරම්භ කිරීම වැදගත් බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“වැසි වැඩි වුණොත් පැළ ගොයමට හානි වෙන්න පුළුවන් නිසා ඔක්තෝබර් මහ කන්න පටන් අරගෙන ගොයම ටිකක් වර්ධනය වෙච්ච ගොයමක් බවට පත් කරලා තියන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා ලබන නොවැම්බර් මැද වෙනකොට මාසයක විතර ගොයමක් තිබුණොත් හොඳයි.

ඒ වගේම ආහාර සුරක්ෂිතතාව පැත්තෙන් සියලු ආනයනකරුවන් සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා. වගාවට අවශ්‍ය කරන පොහොර ටික ගේන්න අපි කටයුතු කරලා තිබෙනවා.

රටේ නිෂ්පාදනයන් පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. එතකොට අනෙකුත් රටවලටත් මේ එල්නිනෝ තත්ත්වය බලපානවා නම්, ඒ රටවල නිෂ්පාදනයට විය හැකි බලපෑම් පිළිබඳවත් අපි සාකච්ඡා කරලා තිබෙනවා.

ඒ නිසා අපි මේ පිළිබඳව ගත හැකි සියලු තීන්දු තීරණ අරගෙන කටයුතු කරනවා. විශේෂයෙන් අපනයනයටත් මෙයින් ඇති විය හැකි බලපෑමක් තියෙනවා නම්, ඒ ගැනත් අවධානය යොමු කරන්න අපි කටයුතු කරනවා.

අගෝස්තු මාසේ මැද වෙනකොට ගොයම් කපලා ඉවර කරනවා. එතකොට අගෝස්තු අවසන් වෙනකොට ගොයම් කපලා බොහෝ දුරට ඉවර කරනවා. සැප්තැම්බර් මාසේ මැද ඉඳන් අපි කුඹුරු සූදානම් කරනවා. ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් වතුර දුන්නහම වපුරන්න පටන් ගන්නවා.

අපේ ගොවියා එහෙම කම්මැලි ගොවියෙක් නෙමෙයි. ඒ නිසා අපේ ගොවියා හැමදාම කන්න දෙක වෙනුවට මැද කන්නකුත් වගා කරන්න සූදානම් වතුර දුන්නොත්. ඒ නිසා අපේ ගොවියා ගැන බය වෙන්න එපා. ගොවියා 100%ක් අපිට ෂුවර්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: