hit counter

2024 දෙසැම්‍බර් මස 08 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:04



සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා ලක්ෂ දෙසීයක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවද ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ එම නිලධාරීන් අල්ලස් ලබානොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට කටයුතු කර ඇති බවත් අල්ලස් ලබාදී විවෘත කළ සුරාහල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවල අදාළ හඬ පටද තමන් සතු බවද වසන්ත සමරසිංහ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර රටට අයවිය යුතු බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවද, මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ සදහන් කරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: