hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 05, පෙ.ව. 12:07



වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම දෙපාර්තුමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

මීට අමතරව සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසනවා.

ඇය තවදුරටත් සඳහන් කළේ මෙම කාලගුණ තත්වය හමුවේ කිරි ගවයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි .

සතුන්ට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට කටයුතු කිරීමෙන් කිරි නිෂ්පාදනය අඩු වීම වළක්වා ගත හැකි අතර එමඟින් සතුන් විජලනය වීම අවම කර ගත හැකි බවද ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: