hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 11, පෙ.ව. 12:10



පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ , දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්.

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි මහත්මිය සඳහන් කළේ , ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1939 දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා. 

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: