hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 16, පෙ.ව. 12:02



මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි මහත්මිය සදහන් කළා.

ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවද ඇය පවසා සිටියා.

තවද ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමණාකරනය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවද සදහන් කළා.

මුර ක්‍රමයට ජලය සැපයෙන ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවද වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: